Wednesday, October 19, 2016

ප්‍රධාන පෝෂක #3- කාබෝහයිඩ්‍රේට්

කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ඇඟේ තියන ප්‍රධානම සහ ඉක්මනින්ම භාවිතා  කල හැකි ශක්තියයි.කාබෝහයිඩ්‍රේට් කියන්නේ සීනී.මොන විදිහෙන් 
ගත්තොත් සීනී තමයි.කාබෝහයිඩ්‍රේට් අනූවක් හැදිලා තියෙන්නේ කාබන්,හයිඩ්‍රජන්,සහ ඔක්සිජන් වලින් .කාබෝහයිඩ්‍රේට් වල සීනි තියනවා
කිවුවට ඒ තියෙන්නෙ කඩවල් වල විකුනන්න තියන එවා නෙමයි.කාබෝහයිඩ්‍රේට් වල විශාල වශයෙන් වෙනස් කම් තියෙනවා.පහත දැක්වෙන්නේ
කාබෝහයිඩ්‍රේට් වල ප්‍රධාන වර්ග ..

@ මොනෝසැකරයිඩ් .

*ග්ලූකෝස් (ලේ වල ගබඩා වී ඇති සීනි)
*ෆ්රුක්ටෝස් (පලතුරු වර්ග වල ගබඩා වී ඇති සීනී) 
*ගැලක්ටෝස් (කිරි වර්ග වල ගබඩා වී ඇති සීනි වර්ග වලට සමානයි)

@ ඔලිගෝසැකරයිඩ් .

*සුක්‍රෝස් (කඩේ විකුනන්න තියන සීනී වර්ග ඔක්කොම)
*ලැක්ටෝස් (කිරි වල ඇති සීනී)
*මෝල්ටෝස් (මෝල්ට් වර්ග වල ගබඩා වෙලා තියන සීනී)

@ පොලිසැකරයිඩ් .

*ප්ලාන්ට් පොලිසැකරයිඩ් (ගස් වල ගබඩා වෙලා තියන සීනි වර්ග)
*ඇනිමල් පොලිසැකරයිඩ් (සත්ව මස් වල ගබඩා වෙලා තියන සීනී                                    වර්ග )


කාබෝහයිඩ්‍රේට් ඇගට ජීරනය වෙන එක මනින්නේ Glycemic index කියලා එකකින්.මන් බැලුවට මට මේකේ හරි තේරුමක් ගන්න බෑ.ඒක මන් ග්ලයිසෙමික් කියලා ඉස්සරහට හදුන්වනනම්.අපි මොකක් හරි ආහාරයක් ගන්නකොට ඒකේ ග්ලයිසෙමික් ප්‍රමානය වැඩියි නම් ඒ ආහාරය ඉක්මනට ඇගට ඉක්මනට ජීරනය වෙනවා.ග්ලයිසෙමික් අඩු නම් ඇගට ඒක ජීරනය වෙන වේගය අඩු වෙනවා වගේම ඒක වෙනස් වෙනස් විදිහට ජීරනය වෙනවා .


ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ඇඟට ජීරනය වෙන විදිහට අනුව තවත් කොටස් දෙකකට බෙදෙනවා .

*පහසු කාබෝහයිඩ්‍රේට්
*සංකීර්න කාබෝහයිඩ්‍රේට්

@ පහසු කාබෝහයිඩ්‍රේට්-- මේවා ඉක්මනට ඇඟට                                                        ජීරනය වෙලා ඇඟට ශක්තිය ඉක්මනට                                    ලබාදෙනවා.
                                  උදා-

                                        පලතුරු,සීනී,ග්ලූකෝස්

@ සංකීර්න කාබෝහයිඩ්‍රේට්-- මේවා ඇඟට් ජීරනය වෙන්නේ                                හිමින්.හැබයි මේවා වලින් ලැබෙන ශක්තිය
                     ලැබෙන්නේ යම්කිසි කාලයක් ගියාට පස්සේ.

                                       උදා -          
                                          මස්,එලවලු වල තියන සීනී 

දැන් තේරෙනවා ඇති කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශක්තිය ලබාගන්න තියන ලේසිම ආහාරය කියලා .කාබෝහයිඩ්‍රේට් ජීරනය උනාට පස්සේ ඒක ග්ලුකෝස් බවට පත් වෙනවා.ඒක තමයි ලේ වලින් මුලු ඇඟ පුරාම ශක්තිය වගේම මාන්සපේශී ශක්තිය වෙන්න යවන්නේ.ඉතුරු ටික ග්ල්යිකෝජන් බවට පත්වෙලා මාන්ශපේශී වලයි අක්මාවෙයි ගබඩා වෙනවා ඉස්සරහට අව්ශය වෙන ශක්තිය ලබාගන්න .

බොඩිබිල්ඩර් කෙනෙක්ට කාබෝහයිඩ්‍රේට් සෑහෙන ප්‍රමානයක් අවශය වෙනවා.මෙන්න මේ කාරනා වලට .

#කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ශක්තියක් දෙන නිසාම ඒක උදවු වෙනවා බර උස්සන්න ඒ වගේම නොකඩවා වයායාම කරන්න.

#කාබෝහයිඩ්‍රේට් ග්ල්යිකෝජන් වලට පත්වෙන නිසා වතුරත් ග්ල්යිකෝජන් එක් වෙලා මාන්ශපේශි වල තියන සයිල ප්‍රමානය මහත් කරනවා.

# කාබෝහයිඩ්‍රේට් වල තියන ප්‍රෝටීන් වෙන් කිරීමේ හැකියාව නිසා ඇගේ තියන වැඩිපුර ප්‍රෝටීන් දහනය කරමින් අතයවශය කාබෝහයිඩ්‍රේට් ඇඟ තුල  රඳවා ගන්නවා.



නොකඩවා පුනුවීම් කිරීමේදි ශරීරයේ ඇති ග්ලයිලෝජන් භාවිතා  කිරීම නිසා ශරීරයෙන් කාබෝහයිඩ්‍රේට් වලට ඉල්ලුමක් ඇතිවෙනවා.තවත් නොකඩවා ව්‍යායාම වල යෙදෙන විට ශරීරයේ ඇති භාවිතා  කල හැකි ග්ලයිකෝජන් ප්‍රමානය වෙනුවට ආදේශකයක් ලෙසින් ඇමයිනෝ ඇසිඩ් වලින් එන ශක්තිය භාවිතා කරනව.එතකොට ශරීරයෙන් ඇතිවෙනවා පෝශන ඌනතාවයක්.ඒක නිසා හොදම ප්‍රතිපල ගන්න නම් ව්‍යායාම ඉවර කරලා උපරි විනාඩි 20 ඇතුලත කාබෝහයිඩ්‍රේට් අවශය ප්‍රමාන ඇතුලත් කරන්ගන්නවානම් පුලුවන්.


                             කෑමෙන් නෙමෙයි පුලුවන් තරම් දියර ආකාරයෙන් ගන්නවානම් උපරිම ප්‍රතිපල ගන්න පුලුවන් ..දියර ආකාරයෙන් කිව්වේ ඉතින් කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයක   අඩංගු පිටි ජාති වලින තමයි 

No comments:

Post a Comment