Wednesday, October 19, 2016

ප්‍රධාන පෝෂක #1


පහත දැක්වෙන ඒවා තමයි බොඩිබිල්ඩින් වල වැඩියෙන්ම උවමනා පෝෂක වෙන්නේ.

  • ප්‍රෝටීන්
  • කාබෝහයිඩ්‍රේට්
  • මේදය
  • ප්‍රෝටීන්

විවිධාකාර ඇමයිනෝ ඇසිඩ් වලින් සමන්විත පෝශකයකි ප්‍රධාන වශයෙන් කරන්නේ මාන්ශ පේශී වල ඇති පටක අලුත්වැඩියා කිරීම වේ.
ඒ වගේම ප්‍රධාන අවයව වලට නැතිවම බැරි පෝශකයකි.ප්‍රධාන වශයෙන් සම,ඇට , හා ස්නායු ව්ලටද සම්බන්ධ වේ. 


#කාබෝහයිඩ්‍රේට්

මුලු ශරීරයටම ශක්තිය සපයන ප්‍රධාන ප්‍රධාන මූලාශ්‍රය.ගොඩක් වෙලාවට කාබෝහයිඩ්‍රේට් එන්නේ සීනී හා වෙනත් දෙයක් එක්ක කලවම් වෙලා අනු විදිහට .


#මේදය (තෙල්)
මේකත් අත්‍යවශයම පෝශකයක් .මේකත් ශක්තිය දෙනවා.හැබැයි.මේදය ශක්තිය විදිහට ගන්න නම් අපේ ඇඟේ තියන කාබෝහයිඩ්‍රේට් වලින් දෙන ශක්තිය ඉවර වෙන්න ඕනේ .


ඒ වගේම වතුරත් අනිවාර්යයෙන් අවශ්‍ය වෙන දෙයක්.කන්න නැති උනත් කාටවත් වතුර නැතුව ඉන්න බෑනේ.මාන්ශපේශි 72% ප්‍රමානයක් වතුරෙන් නඩත්තු වෙනවා.


මීට අමතරව අනෙකුත් දේවල් ඒ කියන්නේ පිටි,හොර්මෝන් ,සහ අනෙකුත් බෙහෙත් වර්ග ඇතුලත් වෙන්නේ අතිරේක පෝශක විදිහට.


අතිරේක පෝශක

*විටමින් -අත්‍යාවශය රසායනිකයක් ,අපේ ජෙයිවරසායනික ක්‍රියාවලි හා ඒවාට ප්‍රතිචාර දැක්වීමේදී                 අවශය වෙනවා

*කනිජලවන -මෙය විශාල වශයෙන් අවශ්‍ය වෙනවා                                                                   ශාරීරික ක්‍රියාවලියට.ඒ වගේම මාන්ශපේශී වර්දනයට උදවු වෙනවා.

*අත්‍යවශ්‍ය ඇමයිනෝ ඇසිඩ් -අපි ප්‍රෝටීන් සහිත ආහාර වලින් ලබා                                                                      ගන්නා දෙයක් .ඒ ගැන පස්සේ පැහැදිලි කරන්නම්.

*අත්‍යාවශය මේද අම්ල -මේවා ශාක හා මාලු වර්ග වලින් ලබා ගන්න                                                              පුලුවන්.

1 comment:

  1. දිගටම ලියන්න සහෝ.ඔයාගේ ලිපි ගොඩක් වටිනවා

    ReplyDelete